Logo

බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමට දෙමල ජාතිකයන් විරුද්ධවූ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරයි



භික්ෂුන් දෙනමක් ඇතුළු පිරිසක් බුදු පිළිම වහන්සේ නමක් මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට වැඩමවීමට එරෙහිව දෙමල ජාතිකයන් පිරිසක් පසුගියදා විරෝදතා ව්‍යාපාරයක් දියත් කල අතර අද දින ඒම සථානයට ඇතුළුවීම තහනම් කර ඇත. මුලතිව් දිසා විනිසුරු එස් ලෙනින් කුමාර් එම නියෝගය දී ඇත්තේ සපුමල්තැන්න අරණ්‍ය සේනාසනාධිපති ගල්ගමුවේ සංඝබෝධි හිමියන් ප්‍රමුඛ පිරිසක් කුමුලමුනෙයිහි තන්නිමුරිප්පු වැව අසල කුරුන්දුර් කන්ද හෙවත් කුරුඳුමලේ මතට බුද්ධ ප්‍රතිමාවක් වැඩමවීමත් සමග 4 අඟහරුවාදා හටගත් උණුසුම් තත්වය සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුවය.
භික්ෂුන් වහන්සේ විසින් පොලිසියට ලේඛනයක් ඉදිරිපත් කරමින් පවසා තිබුනේ සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩී එම් පියතිලක බණ්ඩා විසින් දෙන ලද අවසරයකින් තමන් කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානයේ නඩත්තු හා සංරක්ෂණ කටයුතු සඳහා පැමිණි බවයි.
ලේඛනයේ සත්‍යතාව පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති ආර් එම් ජී බී රත්නායකට නියම කළ මුලතිව් දිසා විනිසුරුවරයා ලබන 13 දා පුරාවිද්‍යා බලධාරීන් උසාවි ගෙන්වන ලෙස නියෝග කළ බව ගගන මුලතිව් වාර්තාකරු පවසයි.

දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 36220
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 62088
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 137421
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 565330
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 608532
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16326294
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16247020
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13644609
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13586152
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13473692
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'