Logo

ජවිපෙ දෙබිඩි පිළිවෙත ගැන ජානිපෙන් හෙළිදරව්වක්



අද 'විධායක ජනපති ධුරය අහෝසි කිරීම' නැමැති ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය තොරොම්බල් කරමින් බෙදුම්වාදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ජවිපෙ, 2010 දී සරත් ෆොන්සේකා නැමැති මිලිටරි නායකයා විධායක ජනාධිපති කිරීමට දඟලද්දී ඉහත සටන් පාඨය සඟවා තිබුණේ කොහේදැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්නකර සිටී.

අද (13) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“පසුගියදා උතුරු පළාත් සභාව ඉතාමත් භයානක, අන්තවාදී, ජාතිවාදී යෝජනාවක් සම්මත කරගනු ගනු ලැබුවා. එම යෝජනාව ගෙන එනු ලැබුවේ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් විසිනුයි. ‘උතුරු පළාත ද්‍රවිඩ ජනතාවගේ නිජබිම බැවින් එහි සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කිරීම තහනම් කළ යුතුයි ’ කියලයි එම යෝජනාවේ සඳහන් වෙන්නේ. 

මෙහිදී මතක් කළ යුතු තවත් වැදගත් කාරණාවක් තිබෙනවා. අද මේ ජනතා විමුක්ති පෙරමුණ ‘දූෂිතයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි’ කියා කියන විධායක ජනපති ක්‍රමය 2010 කර තබා ගෙන ගියේ ඔවුන් විසින්මයි. 

සරත් ෆොන්සේකා නමැති මිලිටරි නායකයා ජනාධිපති කරන්න ජවිපෙ එදා උත්සාහ කළේ ‘විධායක ජනපති ධුරය අහෝසි කිරීම’ කියන එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය විසිකර දමලයි. 

මෙමගින් තහවුරු වන්නේ ජවිපෙ දෙබිඩි පිළිවෙතයි. අද ජවිපෙ ඉටුකර දෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ, ඉන්දියාවේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවයි.

ඒ වගේම ඔවුන් අද ප්‍රභාකරන්ගේ නූතන ප්‍රකාශකයන් වන සුමන්තිරන්ලාට වේදිකා තනන්නන් බවට පත්ව අවසන්. පසුගියදා කළුතර දී බෙදුම්වාදී සුමන්තිරන්ලාට, ජයම්පති වික්‍රමරත්නලාට වේදිකා හැදුවේ ජවිපෙයි. එදා රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි දුන් තම සාමාජිකයන්ගේ සොහොන් කොත් මත අද ජවිපෙ පහරමින් සිටිනවා.”

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 11177
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 40891
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 69205
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 148954
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 599567
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16367794
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16290684
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13680059
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13622749
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13509883
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'