Logo

බස්නාහිර පුටු ගෙන්වීම නතරකරයි



බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 150ක් ගෙන්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (13) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කර ඇත.

බස්නාහිර පළාත් සභාවට අධික මිලකට පුටු මිලදී ගැනීමට යන බවට බස්නාහිර පාළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වන ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතාගෙන් ලැබුණු පැමිනිල්ල මත තමන් මේ පුටු ආනයනය තාවකාලිකව නතර කළ බව සඳහන් කරන ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තවදුරටත් සඳහන් කරන්නේ තම නියෝග මත පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට හතරදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බවයි. එම කමිටුවේ වාර්තාව තමන් වෙත ලැබුණ නමුත් එය අසම්පූර්ණ වාර්තාවක් බවද ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

පුටු 104ක් අවශ්‍ය තැනට පුටු 150ක් ගෙන්වීමට සූදානම්වී තිබූ බවත් සඳහන් කරන ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම පුටු ගෙන්වීම අත්හිටුවා දේශීයව පුටු ඇනවුම් කිරීමට මුදලක් තීරණය කරන ලෙස සභා කටයුතු කාරක සභාවට නියෝග කළ බවයි.

ඒ අනුව අදාළ පුටු ගෙන්වීම නතර වී තිබේ.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19901140
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19117800
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15276825
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15194017
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15067737
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'