Logo

වෙබ් මාධ්‍යවේදියෙකුට මරණීය තර්ජන



කිසියම් පිරිසක් තමන්ට මරණීය තර්ජන කළ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ ඉහල නිලයක් දරණ වෙබ් මාධ්‍යවේදීයෙකු වන නුවන් නිරෝධ අල්විස් පවසයි. මෙම පිරිස අමාත්‍ය ජෝන් අමරතුංග, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ති‍්‍රවරියගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම්ද අවභාවිත කළ බවයි ඔහු පවසයිි.

"හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මාධ්‍ය ලේකම් කියලා කෙනෙක් මට කතා කළා 16 වැනිදා උදේ. එයා කිව්වේ මම කරන වෙබ් සයිට්වලට මන්ත්‍රිතුමියගේ නිව්ස් ටිකක් දාගන්න ඕනේ..ඊට අමතරව තවත් ගොසිප් වෙඩ් අඩවියක නමක් කියලා ඇහුවා ඒක කරන කෙනාගෙ නම දන්නවාද කියලා. මම කිව්වා කරන කෙනාව මම දන්නවා..මොකක්ද වෙන්න ඕනේ කියලා. ඒ කට්ටියව හමු වෙන්න ඕනේ කිව්වා.. පස්සේ මම කතා කරලා.. කොළඹ හෝටලයකදී අපි හමු වුණා." යනුවෙන් ද සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ මෙම පිරිස ඇමති ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පොලිස්පති පූජිත ජයසුන්දර අයගේ කාර්ය මණ්ඩල මෙන්ම පුද්ගලික ඥාතී සබදකම්ද ඇති අය පව සදහන් කල බවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ගේ පුවත් කිහිපයක් අන්තර්ජාල මාධ්‍යයන්හි පළ කර ගැනීම සඳහා මුණගැසෙන්නැයි කරන ලද ඉල්ලීමක් අනුව තමන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගිය බවත් එහිදී මෙම පැහැර ගැනීමට උත්සාහ කල බවත් ඔහු කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් මේ වන විට කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බව ඔහු පවසයි.

කෙසේ වෙතත් පසුව කල සොයා බැලීමකදී සිදුවීම සම්බන්ධයෙන් ජොන් අමරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ පොලිස්පතිවරයා මෙම සිදුවීමට සම්බන්ධයක් නොමැති බව හෙළි වූ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

 

 



සිනමන් ග්‍රෑන්ඩ් එකේදී ඇත්තටම උනේ මොකක්ඩ

Gepostet von Nuwan Nirodha Alwis am Dienstag, 18. September 2018

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 962
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 8790
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 239685
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 274359
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 531766
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15922987
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15794706
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13256347
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13202453
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13051298
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'