Logo

පූජිත ජයසුන්දර කියන්නේ තක්කඩි හොරෙක්



පූජිත ජයසුන්දර කියන්නේ තක්කඩි හොරෙක් බවත් ඒය ඒසේ ‌ෙනොවේනම් තමන්ට විරුද්ධව නඩු පවරන ‌ෙලෙසත් පිවිතුරු ‌ෙහෙළ උරුමයේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසයි.

පූජිත ජයසුන්දර කියන්නේ තක්කඩි හොරෙක්. මම එය ඉතා බය නැතුව කියනවා.  පුලුවන්නම් මට විරුද්ධව අපහාසයට නඩු දමන්න කියාත් කියනවා.  එවිට මම මා එම ස්ථාවරයට පැමිණීමට බලපෑ සියලු කාරණා උසාවියට රැගෙන ඒමට සූදානම්. හොරෙක් පොලිස්පති උනාම හොරා පොලිස් වෙනවා. ඒ නිසා පොලිස්පතිවරයා ඉවත් කිරීමකින් තොරව පොලීසිය නිවැරදි කිරීමට පොලිස් කොමිසමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

පොලිස් කොමිසම විසින් ලබාදෙන තීන්දු පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පොලිස් කොමිසම අඩාගෙන ගිහිල්ලා  කථානායකතුමන්ට කියනවා පොලිස්පති අපි කියන දේ අහන්නෙ නැහැ කියලා. කතානායකතුමා අයියයි මල්ලියි රන්ඩු උනහම අම්මා නඩු බේරෙනවා වගේ දෙදෙනාවම ගෙනල්ලා අනේ ඔහොම රණ්ඩු වෙන්න එපා යැයි පවසනවා. නමුත් කථානායකතුමාට  ව්‍යවස්ථාවෙන් කිසිම බලයක් ලබාදී නැහැ. පොලිස්පතිවරයා පොලිස් කොමිසමත් අතර ඇතිවන ප්‍රශ්න විසඳන්න. පොලිස්පතිවරයා කොන්දේසි විරහිතව පොලිස් කොමිසම විසින් ලබාදෙන සෑම නියෝගයක්ම ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොකරනවා නම් පොලිස් කොමිසම අභියාචනා අධිකරණයට ගොස් පොලිස්පතිට එරෙහිව රිට් නියෝගයක් ලබාගත යුතුයි. පොලිස්පතිවරයාගේ විනය භාරව තිබෙන්නේ පත්කරන ලද ව්‍යවස්ථාදායක සභාවට නොව පාර්ලිමේන්තුවේ අපටයි. මේ පොලිස්පති ගැන ආණ්ඩුවට ලැජ්ජා හිතෙන විදිහට රටේ ජනමතයක් ගොඩ නැගෙන්න ඕනෑ. නැතිනම් පාර්ලිමේන්තුවට ඔහු ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන ආවත් අගමැතිතුමන්ගේ විශ්වාසභංග යෝජනාවට අත්වූ ඉරණමම තමයි අත්වෙන්නේ.

මාධ්‍ය හරහා මේ පොලිස්පතිවරයාගේ දූෂිතභාවය හෙළිදරව් කිරීමෙන් ආණ්ඩුවටත් මේ කුණු ගොඩ කර තබාගෙන යාමට ලැජ්ජා හිතෙන  තත්ත්වයට පත් කළොත් විතරමයි පොලිස්පතිවරයා ඉවත් කරගෙන පොලිස් කොමිසමට තම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි වාතාවරණයක් ගොඩ නැගිය හැකි වන්නේ.ඉතාම  පැහැදිලිව කියනවා පොලිස්පති ලංකා ඉතිහාසයේ බිහිවු දූෂීතම නිළධාරියා. පට්ට හොරෙක්.



දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1029
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 9661
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 243487
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 278216
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 535758
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15927204
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15800539
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13261008
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13206894
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13056769
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'