Logo

එක්නැලිගොඩ ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ලුතිනන් කර්නල් එරන්ත පීරිස් අත්අඩංගුවට



යුධ හමුදා බුද්ධි බලකායට අනියුක්තව සිටි ලුතිනන් කර්නල් එරන්ත පීරිස් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අද (20) අත්අඩංගුවට ගෙන ඇත. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙම ලුතිනන් කර්නල්වරයා අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

2009 වර්ෂයේ අගෝස්තු මස 28 වන දින ලුතිනන් කර්නල් එරන්ත පීර්ස් විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් පසුව මුදා හැර ඇති බව සදහන් ‌ෙවෙයි

පසුව 2010 වර්ෂයේ ජනවාරි මස 24 වන දින මෙම හමුදා නිලධාරියා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කරලීමේ චෝදනාවට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියේ.

අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන් කර්නල්වරයා හෙට (21) දිනයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20364100
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19619621
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15776983
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15635794
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15557652
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'