Logo

රවීට එරෙහි නඩුව යළිත් විසිවන ලකුණු



බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත රවී කරුණානායක මහතා දුන් සාක්ෂි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පරිදි නිකුත් කළ සියලු නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, නියෝග ස්ථිරවම අවලංගු කරන්නේ ද නැති ද යන්න ලබන 28 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 26 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස නීතිපතිවරයාට සහ වගඋත්තරකාර පාර්ශවයට අධිකරණය අද නියෝග කළේ ය.

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසමක් මගින් නඩුව කැඳවමින් අද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට ඇති නමුත් එහිදී අනාවරණය නොවූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස උපදෙස්දීමේ බලයක් නීතිපතිවරයාට නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය නම් ජනාධිපති කොමිසන් සභාව යළි ස්ථාපිත කිරීමෙන් මිස වෙනත් ආකාරයකින් කිරීමේ නෛතික හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණ සිදු කරනුයේ ද්වේශ සහගත අරමුණින් නොවන බැවින් රවී කරුණානායක මහතාට ද නිර්දෝෂීභාවය පෙන්වීමට මෙය හොඳම අවස්ථාවක් බව ය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41939
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 93572
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 127786
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 245973
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 878472
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17647353
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16858546
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13994615
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13935394
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13820001
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'