Logo

හිරු බලයේ ජවිපෙ හ‍ෙළුව



මෙවර හිරු බලය වැඩසටහනේ මාතෘකාව වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

සංවාදය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර  යන මන්ත්‍රිවරුන් සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන  මන්ත්‍රිවරුන් සහභාගී වූහ.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විවාදයට එක්වූ නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා දිගින් දිගටම ප්‍රකාශ කළේ  විධායක ජනාධිපති   ධුරය අහෝසි කිරීමට විරුද්ධ වන්නේ තනිව තරග කර පාර්ලිමේන්තු ඡන්දයක් ජයගත නොහැකි  දේශපාලන පක්ෂ බවත් ඔවුන් දේශපාලනික මැක්කන්  පිරිසක් බවත්ය.

එහිදී උදය ගම්මන්පිල  මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ සන්ධානගත දේශපාලනය හා විධායක ජනාධිපතිධූරය අතර සබඳතාවක් නොමැති අතර විධායක ජනාධිපතිධූරය නොමැති අවස්ථාවක වුව ද ලොව පුරා දේශපාලන පක්ෂ සන්ධානගත වී ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයාගේ මැක්කාගෙන් න්‍යයයෙන් සලකා බැලුවහොත් 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය හා සන්ධානගත වූ,  2010දී ෆොන්සේකා හා සන්ධානගත වූ ජනතා විමුක්ති පෙරමුණ ද මැක්කන් පිරිසක් බවයි.

 

කුසලානයෙන් ෆොන්සේකා සමග තරග කළ දේශපාලන පෙරමුණේ මහලේකම් තමන් යැයි හඳුන්වා දෙමින්  ප්‍රශ්නයෙන් මිදීමට විජිත හේරත් මන්ත්‍රීවරයා උත්සාහ දැරුවද ගම්මන්පිල මහතා සඳහන් කළේ පක්ෂය කාගේ වුවත් ඡන්දය ඉල්ලුවේ පොන්සේකාගේ ඇඟේ එල්ලෙමින් බවයි.

මෙහිදී ජවිපෙ 20  පිලිබඳ ජනමත විමසුමකට යෑමට කැමැති බව රටට කීවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ජන මත විමසුමකට යොමු නොකරන මෙන් බැගෑපත් වුණු බව   පවසමින්, තමන් කරන්නේ ජනතාවට යහපතක් නම් ජනතාව ඉදිරියට යෑමට බිය වන්නේ ඇයි දැයි උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රශ්න කර සිටියේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සටන්පාඨය මුවාවෙමින් ජනතා විමුක්ති පෙරමුණ මේ සිදු කරමින් සිටිනුයේ ජයවර්ධන ජනාධිපතිවරයා 13 ට එරෙහිව තැබූ ව්‍යවස්ථා අඩ ඉවත්කිරීමේ කටයුත්ත බව සංවාදයට එක්වෙමින් ජයන්ත සමරවීර  මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ ය. ජනතා විමුක්ති පෙරමුණ රට වෙනුවෙන් ඉටුකළ ඓතිහාසික කාර්යභාරය වෙනුවට දැන් ඔවුන් ඉටු කරමින් සිටිනුයේ බෙදුම්වාදී අවශ්‍යතාවයන් බවටද ඒ මහතා චෝදනා කළේය.

 



දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 5208
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 43101
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 350454
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 385460
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 645625
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16057572
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15948792
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13382996
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13330716
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13202351
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'