Logo

ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි



වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන් පමණක් වන බවට ප්‍රසිද්ධ චෝදනාවකි. රට ගැන කිසිදු තැකීමක් නොමැති බොහෝ ක්‍රීඩකයන් මුදල් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර, මුදල් උපයා ඒ මුදලින් සෙල්ලක්කාර ජීවිත ගත කරන බව තවත් චෝදනාවකි. මෙම චෝදනා එල්ල වූ ක්‍රීඩකයන් අතරින් ධනුෂ්ක ගුණතිලක සහ ඔහුගේ අතිජාත මිත්‍රයා වන ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුගේ නම දිගින් දිගටම එල්ල විය.

අර්ජුන රණතුංගලා කුසගින්නේ පවා පුහුණුවෙමින් මවුබිම වෙනුවෙන් ලෝක කුසලාන දිනමින් ගොඩ නැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට ක්‍රීඩකයෙකුට වැටුය හැකි පහත්ම ස්ථානයට ධනුෂ්ක ගුණතිලක වැටී තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් රටේ අභිමානය නැවතත් බිල්ලට දමා, තමන්ට මුදල් ඉපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට හෙලු පුවතක් ය. 

ආසියානු කුසලානයට සංචිතයට ඇතුලත් වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ධනුෂ්ක ගුණතිලක කිසිදු තරගයක් ක්‍රීඩා නොකොට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ පුහුණුවීම් අතරතුර  කොන්දේ ආබාධයක් ඇති වූවා යැයි පවසමින්. කෙසේ වෙතත් එය ධනුෂ්ක ගුණතිලක විසින් මුදල් වෙනුවෙන් සිදු කළ නාටකයක් බවට තහවුරු වී තිබේ.

එනම් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායම් සංචිතයට ඇතුලත් වනවිටත් ඔහුට මෙම සුලු ආබාධය තිබී ඇත. කෙසේ වෙතත් එම ආබාධය සගවා ඔහු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට කණ්ඩායම සමග ආසියානු කුසලානය වෙනුවෙන් පිටත්ව තිබේ. ඒ පුහුණුවීම් අතරතුර ආබාධය වූ බව කියමින් රක්ෂණ මුදල් ලබා ගැනීමටය. ධනුෂ්කගේ මෙම නාටකය හෙළිවන්නේ ඔහු සංචාරය වෙනුවෙන් පිත්තක් හෝ රැගෙන නොයාමෙන් ය. එම නිසා ඔහු ක්‍රීඩා නොකරම නැවත පැමිණීම සැලසුම බව හෙළිවේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ මෙම නින්දිත සැලසුම පිළිබදව කණ්ඩායම් නායක ඇන්ජලො මැතිවුස් නොදැන සිටි බව සැක සහිතය. ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රීඩක කළමණාකරුවා අසංක විජේවර්ධන නම් පුද්ගලයෙක් ය. ධනුෂ්ක මේ සියලූම නාටක සිදු කළේ ඔහුගේ කළමණාකරුගේ උපදෙස්  මත බව කියවේ. ධනුෂ්ක ගුණතිලකගේ කළමණාකරු අසංක විජේවර්ධන, නායක ඇන්ජලො මැතිවුස්ගේ සමීපතම ව්‍යාපාරික සගයෙකි. මැතිවුස් නායකත්වයට පත්වූ පසු කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් සිය මිතුරා වන ආසංකට හදුන්වා දෙමින් ඔවුන් සමග ගිවිසුම් ගත වීමට බල කළ බව මින්පෙර මැතිවුස්ට චෝදනා එල්ල විය. මේ අනුව මේ වනවිටත් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක මැතිවුස්ගේ සගයා අසංක විජේවර්ධන සමග ගිවිසුම් ගතව සිටියි. කුසල් මෙන්ඩිස් කොතරම් අසාර්ථක වුවද, ධනුෂ්ක ගුණතිලක කොතරම් විනය විරෝධි ක්‍රියා සදහා වැරදිකරු වුවද නායක මැතිවුස්ගේ කණ්ඩායමේ ඔවුන්ට ස්ථානයක් හිමි වන්නේ අසංක විජේවර්ධන හරහා බවටද චෝදනා එල්ල වේ.

එම හේතුවෙන් ධනුෂ්ක මුදල් වෙනුවෙන් සිදු කළ මෙම නාටකය අසංක විජේවර්ධන හරහා ඇන්ජලො මැතිවුස්ද දැනුවත් බව කියවේ. වෙනත් රටක  මෙවැනි වංචාවක් සිදුවූවා නම් එම ක්‍රීඩකයන්ට සහ නායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කර දැඩි දඬුවම් ලබා දෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලක සහ ආන්ජලො මැතිවුස්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කරනවා යැයි වාර්තා වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ මීළග තරගාවලියේද නායකත්වය මැතිවුස්ට හිමි වී ධනුෂ්ක කණ්ඩායමේ ක්‍රීඩා කළද පුදුම නොවන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් දූෂකයන් ආරක්ෂා කරන බවත් සමාජජාලා මාධ්‍යන්හී කතාබහට ලක්ව තිබුනි.

 

ධනුෂ්කගේ කළමණාකරු අසංක විජේවර්ධන


 

 

ධනුෂ්කගේ කළමණාකරු අසංක විජේවර්ධන සිය සගයා මැතිවුස් සමග

 

neth news

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 4831
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 36355
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 318545
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 352743
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 612604
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16013281
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15898924
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13347244
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13288504
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13157270
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'