Logo

ශ්‍රී ලංකාව ඇෆ්ගණිස්ථානයෙන් පරාජය වෙද්දී තේරීම් සභාපති ලැබ්‍රෝයි වෙනත් රැකියාවක් කරමින් මුදල් හොයයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අවසන් සුසුම් හෙළමින් සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව තිබේ.

මෙවන් මොහොතක මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි.

ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා යනු කණ්ඩායම සහ පළමුපෙළ ක්‍රීඩාව පිළිබදව දැඩි අවධානයකින් සිටිය යුතු වුවද තේරීම් කමිටු සභාපතිවරයා එක්වර රැකියා දෙකක් කිරීම මගින් ඔහුට තේරීම් සදහා කොපමණ කාලය පවතින්නේදැයි ගැටලුවකි.

ග්‍රැහැම් ලැබ්‍රෝයීගේ තේරීම්ද දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර ඔහු අතිශය දුර්වල තේරීම් කමිටු සභාපතිවරයෙක්බවට මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලව තිබුනි.

ආසියානු කුසලානය වැනි ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් තරගාවලියක් පවතින මොහොතකදී තේරීම් කමිටු ප්‍රධානියා කාන්තා ක්‍රිකට් තරග තීරකයෙකු ලෙස කටයුතු කිරීම දැඩි ගැටලුවක් බවට ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබේ. ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ක්‍රීඩා කළ සතියේ සැපැතැම්බර් 13 පැවැත්වූ පළමු එක්දින තරගයේ, සැප්තැම්බර් 16 පැවැත්වූ තෙවන එක්දින තරගයේ, ඊයේ දින (21) පැවැත්වූ දෙවෙන විස්සයි විස්ස තරගයේ මෙන්ම අද (22) පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගයේද තරග තීරකයා ග්‍රැහැම් ලැබ්‍රෝයී ය.

ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු කුසලානයට සහභාගී වීමට පෙර, ආසියානු කුසලානය ක්‍රීඩා කරද්දි මෙන්ම ආසියානු කුසලානයෙන් ඉවත් වෙද්දී ජාතික තේරීම් කමිටු සභාපතිවරයා සිට ඇත්තේ කාන්තා තරගයන්හී තීරකවරයක් ලෙස රාජකාරී කරමින් ය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 39621
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 86176
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 119767
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 227785
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 832253
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17179301
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16661764
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13949598
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13893250
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13777006
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'