Logo
2019 ඔක්තෝම්බර් මස 18 වැනි සිකුරාදා

ඇඹිළිපිටිය කඩදාසි කම්හලට කොරියන් ආයෝජනයක්



මේ වන විට කිසිඳු නිෂ්පාදන කටයුත්තක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා කොරියන් ස්පා ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒ අනුව රුපියල් මිලියන 1,200ක ආයෝජනයක් සහිතව, ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය සඳහා, මෙම කම්හල කොරියන් ස්පා ආයතනය වෙත බදු පදනම යටතේ ලබා දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'