![]() 2019-02-19 13:30:49 ![]() |
![]() 2019-02-19 13:16:08 ![]() |
![]() 2019-02-19 00:09:50 ![]() |
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
වැඩබැරි ටාසන්ලාට මහින්දගෙන් නිවේදනයක්
වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ සිය පාලන සමයේ පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළද ආර්ථිකයට පරිවර්තනය වීමේ ආනිසංස බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම නිවේදනය පහතින් දැක්වෙයි.
“මාගේ ආණ්ඩු කාලය තුළ 2007 - 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ්ව විශාල වශයෙන් කඩා වැටිනි.
එදා ඒ ඇතිවු ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදුනොවන බවට වගබලා ගැනිමට අපේ ආණ්ඩුව සමත් විය.
ආණ්ඩුවක කාර්යභාරය වන්නේ ලෝක ප්රවණතා අධ්‍යනය කොට එයට සමගාමීව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට පියවර ගැනිම මිස විදේශිය රටක නායකයෙකු ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙන බවත්, ඒ හේතුවෙන් රුපියලේ අගය බිදවැටෙමින් පවතින බවත් කියමින් මැසිවිලි නැඟිම නොවේ.
2015 පාර්ලිමේන්තුව මැතිවරණය ජයගැනිම සදහා වත්මන් ආණ්ඩුව කිසිදු වගවිභාගයකින් තොරව සිදුකළ වැටුප් වැඩිකිරිම , ඉන්ධන මිල පහත හෙලීම හා ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍ය වල බදු අඩු කිරිම වැනි ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම වැඩි වූවා පමණක් නොව ඉන්ධන හා මෝටර් රථ ආනයනයද වැඩි විය.
මේ නිසා ඇතිවු වෙළද හා අයවැය පරතරය පියවීමට ආණ්ඩුව මහා පරිමාණයෙන් ණය ගැනිමට පටන් ගත්තේය.
මෙම වසර තුල තුන්වතාවක් ඉන්ධන මිල වැඩිකොට ඇත.
ආණ්ඩුව ඔවුන්ගේ ඉන්ධන මිල සූත්‍රය මොනම හේතුවකටවත් ප්‍රසිද්ධ නොකරන්නේ එයින් ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම ඉන්ධන මත අයකරන බදු ප්‍රමාණයද හෙලිවන නිසාය.
අප අද මේ අත්විදිමින් සිටින්නේ මාගේ ආණ්ඩුව කාලයේ මතුවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළද ආර්ථිකයට පරිවර්තනය වීමේ ආනිසංශයි.“
![]() 2019-02-19 13:30:49 ![]() |
![]() 2019-02-19 13:16:08 ![]() |
![]() 2019-02-19 00:09:50 ![]() |
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-19 09:52:51 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |