Logo

ග්‍රහයන් කිපෙයි-කාළගුණය අයහපත්



දිවයිනේ පළාත් අටකටම බල පා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ සිදු වූ ආපදාවන් හේතුවෙන් පුද්ගල මරණ හතරක් වාර්තා වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපයේදීත් තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

දිවයිනේ ප්‍රදේයේ රැසකට ඊයේ (07) සිට යළි වැසි ඇද හැලුණු අතර දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවන දැඩි වර්ෂාපතනයක් ඇදහැලී තිබුණි.

එමෙන්ම නැගෙනහිර, වයඹ, උතුරු මැද සහ ඌව පළාත් වලට මිලි මීටර් 100 ක පමණ වර්ෂාවක් ඇද හැලී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අරාබි මුහුදු තීරයේ පවතින පීඩන අවපාතයක් මත ඇති වූ තත්වය මෙම කාලගුණික වෙනස්වීමට හේතු වී තිබේ.

ඇද හැලුණු මෙම ධාරානිපාත වර්ෂාවත් සමඟ කලුතර නෑබඩ උඩෝවිට ප්‍ර දේශයේයේ නිවාස දෙකක් මතට පස් කන්දක් නායයාමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු, අවුරුදු හයක ගැහැණු ළමයෙකු සහ පිරිමි පුද්ගලයෙකු වන අතර ඔවුන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර මතුගම වෑත්තෑව ප්‍රදේශයේදී මතුගම ඇළ මාර්ගය හරහා ඇති තාවකාලික පාලම මතින් වැසි අවස්ථාවේදී ගමන් ගත් පුද්ගලයෙකු සැඩ පහරට හසුව ජීවීතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

එමෙන්ම ගාල්ල වදුරඹ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ සවස සැඩ පහරට හසුව ජීවීතක්ෂයට පත්ව තිබේ.

ඇද හැලුණු මෙම වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත්බිම් ජලයෙන් යට වී තිබෙන ආකාරය දැකගත හැකි වේ

කළුගඟ ආශ්‍රීත මදුරාවෙල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය සහ පාලින්ද නුවර ආදී ප්‍රදේශ වල එම තත්ත්වය දක්නට ලැබේ.

හීන් ඇල පිටාර ගැලීම නිසා කලුතර ප්‍රදේශ රැසක් සහ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වී තිබූ අතර මතුගම - හොරණ මාර්ගය දෙහිගස්මුල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇත.

එමෙන්ම ගිංගඟ ආශ්‍රිත බද්දේගම, බොපේ පෝද්දල, වැලිවිට දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ආදී ප්‍රදේශවල ජලගැලීම් තත්වයක් පැවතුණි.

අත්තනගලුඔය ආශ්‍රිත මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශවලද මාර්ග ජලයෙන් යට වීය.

පෑලියගොඩ වැලිපාර ප්‍රදේශයේ නිවාස 150ක් පමණ පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටව තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වත් සමඟ ඇතිවූ අකුණු සැර වැදීමෙන් ගාල්ල අක්මීමන ප්‍රදේශයේ නිවාස 15වට හානී සිදුව ඇත.

පවතින අධික වර්ෂාවත් සමඟ බිංගිරිය කොලමුණු ඔය බැම්මක් කැඩී යාමේ අවදානමකකට ලක් තිබුණි.

ඒ අනුව පුත්තලම් දිස්ත්‍රීක් ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරීන් පුත්තලම යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගෙ සහය ඇතිව එම වැලි කොට්ට යොදා එය තාවකාලිකව පිළිසකර කිරීමට පියවර ගනු ලැබුවේය.

මේ අතර වනාතවිල්ලුව පරණ එළුවන්කුලම රාල්මඩුව වැවේ බැම්ම කැඩි ගොස් තිබේ.

තල්පිටිය ගඟට පහළින් ඇති ගම්මාන ගංවතුරින් යටවීමේ අවදානමින් මුදවාගැනීම සඳහා තල්පිටිය මෝය කට විශාල කිරීමට කලුතර දිස්ත්‍රීක් ලේකම්වරයා අද පස්වරුවේ පියවර ගනු ලැබුවේය.

ඇල්පිටිය වල්අඹගල උඩුවිල ඇලේ දිය නාමින් සිටි වයස අවුරුදු 11 පාසල් සිසුවෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.ෙ

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුම් මාර්ගය අසළ පිහිටි මතුගම - කලුතර මාර්ගය ඊයේ රාත්‍රියේ ජලයෙන් යට විය.

එමෙන්ම අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තවදුරටත් සම්පූර්ණයෙන්ම වසා තැබීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඒ අතර කළාඔයේ ජල මට්ටම ඉහල යාමත් සමග පුත්තලම පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමිමට පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පියවර ගත්තේ.

වර්ෂා තත්ත්වය සමඟ කැලණි , කළු , ගිං යන ගංගා වල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දේපාර්තමේන්තුව පවසයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයසඳහන් කළේ වළල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, බදුරලිය, ඉංගිරිය, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කදුකර සහ බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව නායයාමේ අවදානම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

කෙසේ නමුත් ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රෙද්ශයේ පැවති අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිවයිනට බලපා ඇති අහයපත් කාලගුණික තත්ත්වට හේතුව ග්‍රහලෝක පහක පෙළගැස්මේ බලපෑම බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පවසයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 31625
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 79913
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 116273
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 221506
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 808298
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16846906
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16545566
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13918377
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13859568
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13744035
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'