Logo
2019 අගොස්තු මස 18 වැනි ඉරිදා

කොටි නිදහස් කරගන්න ආපු යාපනය ශිෂ්‍යයන්ට අනුරපුරදී විරෝධය



අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට බල කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පසුගියදා අනුරාධපුර නගරයට පාගමනක් සංවිධානය කර තිබුනි. මෙම සිරකරුවන් කොටි ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් වන අතර මෙම විශ්ව විද්‍යාල සිසුන් උසි ගන්වා තිබුනේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් බවටද තොරතුරු වාර්තා වුනි.

කෙසේ වෙතත් මෙම විරෝධතාකරුවන්ට එරෙහිව අනුරාධපුර නගරයේ ප්‍රදේශවාසි තරුණයන් කිහිපදෙනෙක් ඉදිරිපත් වී කොටි ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනි නොසිටන ලෙසට පවසා තිබුනා. අනුරාධපුරයේ මෙම තරුණයන් කිහිපදෙනා පමණක් විරෝධතාවය අසලට ගොස් යාපනය ශිෂ්‍ය විරෝධතාකරුවන් සිය ගණනක් ඉදිරියේ තනිව ඔවුන්ට විරුද්ධ වීම සමාජජාලා මාධ්‍යයන්හි දැඩි ප්‍රශංසාවට ලක්ව තිබුනි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'