Logo

ඉවත්වන්නැයි කල සිරිසේනගේ නියෝගය තුට්ටු දෙකට වැටෙයි-මූළ්‍ය ප්‍රධානීන් තවමත් වැඩ



ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ වනවිටත් එම තනතුරුවල කටයුතු කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් අද(19) මාධ්‍යට ප්‍රකාශ කළේය.

අදාළ ආයතනවලට එල්ල වී ඇති දූෂණ චෝදනා සැළකිල්ලට ගනිමින් එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව මෙම ආයතනයවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා දැනුම් දුන් බව වාර්තා විය.

ලංකා ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව සහ ලංකා බැංකුව යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ විෂයභාර අමාත්‍යවරුන්ට පසුගිය බදාදා උපදෙස් ලබා දී තිබූ බව වාර්තා වුණි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ ආයතනවලට එල්ල වී ඇති දූෂණ චෝදනා සැළකිල්ලට ගනිමින් එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් බව වර්තා වෙයි.

ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ආයතන රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ ද, ලංකා ආයෝජන මණ්ඩලය , සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා යටතේද පවතියි.

මේ අතර රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාතයාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා මාධ්‍ය නිවේදනක් හරහා පවසා තිබුණේ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලවල නිල කාලය අවසන් වී ඇති බැවින් එම අධ්‍යක්ෂ මණ්ඩල අලුතින් පත්කරන ලෙස ජනාධිපතිවරයා එම ආයතන බාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට දැනුම් දී ඇති බවයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ එකඟත්වය මත මේ සඳහා අවශ්‍ය පියවර නුදුරු අනාගතයේදී ගනු ඇති බවත් එම වෙනස්කම් සිදුකරන තෙක් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල එම ආයතනවල කළමණාකාරීත්ව ක්‍රියාකාරකම් බාධාවකින් තොරව සිදුකරනු ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

කෙසේවෙතත් අද දෙරණ මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා මහතා පැවසුවේ තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාගෙන් හෝ ආයතන අයත් අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගෙන් කිසිදු නිල දැනුම්දීමක් සිදූවී නොමැති බවයි.

එබැවින් මේ මොහොත වනවිට තමන්ට ඉල්ලා අස්වීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව රොනල්ඩ් පෙරේරා මහතා අද දෙරණට සඳහන් කළේය.

අද දෙරණ මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහජන බැංකුවේ වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට කිහිපවිටක්ම උත්සහ කළද ඔහු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ නොමැත.

මේ අතර ජනාධිපතිවරයා විසින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් දුමින්ද ආරියසිංහ මහතාට එම ධුරයෙන් ඉවත්වන ලෙස දන්වා තිබූ බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා තහවුරු කළේය.

මේ අතර ජනාධිපතිවරයාගේ දැනුම්දීමට අනුව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් එම තනතුරු වලින් බවත් වී ඇති බව අප කළ විමසීමකදී ආයෝජන මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂ දිලිප් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 36100
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 61737
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 136712
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 563081
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 605821
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16324175
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16244426
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13642346
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13583805
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13471285
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'