Logo

විග්නේෂ්වරම් කෑ පතේ පහරයි-ටී එන් ඒ සමඟ සටනට කඩු මුවහත් කරයි



උතුරු පලාත් සභාවේ නිල කාලය 25 වනදා අවසන් වීමට නියමිතව ඇති බැවින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විශයෙන් සිටි සී.වී.විග්නේශ් වරන් මහතා ඉදිරි දේශපාලන ගමන්මග සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාව හරහා ලබන 24 වනදා විශේෂ නිවේදනයක් නිකුත් කරන බවට දෙමළ ජනතා සභාව මගින් නිවෙදනයක් නිකුත් කොට ඇත.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නඩරාජා පරමේශ්වරී ශාලාවේදී දෙමළ ජනතා සභාව ලබන 24 වනදා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී දෙමළ ජනතා සභාවේ සමසභාපතීත්වය දරන සී.වී.විග්නේශ්වරන් මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිත බවට දෙමළ ජනතා සභාව මගින් නිකුත් කොට ඇති එම නිවේදනයේ සඳහන්ව ඇත.

එම එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ දෙමළ දේශපාන මතයන් හා ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් 24 වනදා රැසවන දෙමළ ජනතා සභාවේ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටත් එහිදී ප්‍රධාන දේශනය උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් සිටි සී.වී.විග්නේශවරන් මහතා සිදු කිරීමට නියමිතව ඇති අතර එතුමන් විසින් එහිදී ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලනික ගමන්මග සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කිරීමට නියමිත බවටද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19896413
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19112538
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15271430
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15188572
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15062419
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'