Logo

ක්‍රිකට් ලොක්කා පොළිස් දැළට කොටුවෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශයේ ප්‍රධානියා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සුළු මොහොතකට පෙර ඔහු  අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පසුගිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ක්‍රිඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පැමිණිල්ල සිදු කර ඇති බව වාර්තා වෙයි.

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියට අදාළව රූපවාහිනි අයිතිය විකිණිම මඟින් ලැබුණු අදාළ මුදල ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණිමුට බැර නොකර වෙනත් ගිණුමකට 

බැර කිරීමට එහි ගිණුම් අංශයේ ප්‍රධානියා පියවර ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

එමඟින් සිදු කිරීමට ගිය හානිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ගත වූ වසර තුළ සිදු කළ සියලු මූල්‍ය හුවමාරු පිළිබඳ විගණන පරික්ෂණයක් සිදු කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය  කර තිබේ. 
 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 149839
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 242438
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 292330
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 458218
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1317219
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19043305
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18247830
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14433953
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14359363
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14252375
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'