Logo

හරියට බහුතරය පෙන්නුවොත් පිළිගන්න සූදානමි-ජනපති



පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් එය තමනට නියමානුකූල ආකාරයෙන් පෙන්වා සිටින්නැනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයන්ට පෙන්වා දී ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම පෙරමුණේ නායකයන් සමග පැවති පැවති සකච්ඡාවේදිය.

පාර්ලිමේන්තුවේ දී සම්මත කළේ යැයි කියන විශ්වාසභංගය තමන් පිළිනොගන්නා බවත් ඒ වෙනුවට වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කර විධිමත් ක්‍රමවේදයක් අනුව සම්මත කර ඉදිරිපත් කළහොත් කමන් එහිදී ව්‍යවස්ථානුකූල කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

නව විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන්නැයි ද ජනාධිපතිවරයා දන්වා ඇත.

කෙසේවෙතත් මෙම තත්ත්වය මත විශ්වාස භංගය විධිමත් ක‍්‍රමවේදයට ඉදිරිපත් කිරීමට නම් මුලින්ම කතානායකවරයාට සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීමටයි.

එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන අතර සභා නායක වරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කළ යුතුද වෙයි.

ඉන් අනතුරුව ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයට ඉදිරිපත් කල හැකි අතර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීමේදී ඊට ඇතුලත් කල හැක. විශ්වාස බංගය ගැන කටයුතු කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ යුතු අතර පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා විවාද කිරීම සඳහා ද සැලකිය යුතු දින ගණනක් ලබාදීමෙන් පසු ඡන්ද විමසීමට ගත හැක. පාර්ලිමේන්තුවේ විධිමත් පිළිගත් ක්‍රමවේදය වන්නේ එයයි. ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේද එම ක‍්‍රමයටයි.

 

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 43812
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 96911
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 131372
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 250246
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 885615
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17700998
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16880748
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13999824
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13939861
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13824911
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'