Logo

නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමයෙන් ඡන්දය ගණනය කිරීමට එකඟත්වය



පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලි ලෙස අද (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව ජනාධිති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට (19) පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලූ දෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.

ජනාධිපතිවරයා මෙම හමුවේ දී සියලූ දෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද  වඩාත් පිළිගත හැකි ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්ත්‍රී‍රවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිළි කරනු ලැබීය.

සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලූ පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිවරයා දන්වා තිබූ අතර,  ජනාධිපතිවරයා විසින් ඒ බව සභාවට ප්‍රකාශ කරනු ලැබීය.
 



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20123415
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19377407
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15537763
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15418245
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15323655
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'