Logo

දෙමළ ජනතාව ටී එන් ඒ එකෙන් ගලවගන්නවා-විග්නේෂ්වරම්



 

තමන් වෙනම දේශපාලන පක්ෂයක් ඉතා අසීරුවෙන් ජනතා අවශ්‍යතාවය මත පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය.

උතුරු පළාත් සභාවේ හිටපු  ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා මෙසේ කියා සිටියේ යාපනයේ පලාලි පාරේ කන්ද මඩම් මන්සන්ධියේ පිහිටි පොදු උත්සව ශාලාවකදී ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතමිනි.

සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සන්ධානයේ (ටී.එම්.කේ) පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වූ අයෙකු ප්‍රකාශ කොට සිටියේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බවට ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්බන්ධයෙන් ටී.එම්.කේ.පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි යන්න විමසූ විට විග්නේශ්වරන් මහතා කියා සිටියේ.

‘‘තමන් හෝ තම පක්ෂය යළි කිසිම දිනක කවර අවශ්‍යතාවයක් සදහාවත් දෙමළ ජාතික සන්ධානයට එක් වීමක් හෝ එම පක්ෂයේ ලකුණක් යටතේ මැතිවරණයකට  තරග නොකරණ බවටයි.

එමෙන්ම තමන් මෙවැනි තීරණයක් ගන්නා ලද්දේ අදක ඊයේක නොව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පිබිදීම වෙණුවෙන් උත්සව මාලාවක් සංවිධානය කළ අවස්ථාවේදී බවත් දෙමළ ජනතාවගේ යහපත හා දෙමළ ජනතාව දිනාගැනීම සදහා යමක් කරණ අවස්ථාවලදී දෙමළ ජාතික සන්ධානය ඒ දෙස බලන ලද්දේ දැඩි ඊර්ෂ්‍යාවකින් බවත් දෙමළ ජාතික සන්ධානය තමන්ව උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට කටයුතු හා සැලසුම් දියත් කළේද මේ ඊර්ෂ්‍යාව නිසාම දෙමළ ජාතික සන්ධානයට යන එන මං නොමැති අවස්ථාවලදී කොතරම් උදව් උපකාර කළද ඒවායෙහි කිසිදු කෙළෙහි ගුණයක් එම පක්ෂයේ නායකයින් තුළ දැකීමට නොමැති බව උදාහරණ කීපයක්ද මගින් පෙන්වා දුන්නේය.

මේ හේතුව නිසාවෙන් තමන් යළිත් වරක් එවැනි පක්ෂයකට සහය ලබා නොදෙන බවත් තමන්ගේ එකම අරමුණ ටී.එම්.කේ.පක්ෂය උතුරු  පළාත තුළ ව්‍යාප්ත කොට දුක් විදින හා දෙමළ ජාතික සන්ධානයට රැවටී සිටින ජනතාව ඉන් මුදවා ගැනීම බවත් මෙහිදී සී.වී.විග්නේශ්වරන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

දැන්වීම්
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 202
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 144
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 285241
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 434914
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 499665
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19384182
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18586576
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14749293
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14672129
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14564231
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'