Logo

මී උණ නිසා 10ක් මරුට



පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට මී උණ රෝගයෙන් පුද්ගලයින් දසදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.

ඊයේ(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මී උණ රෝගය හේතුවෙන් 81ක් දෙනෙකු පමණ මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඉන් දසදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මී උණ රෝගය සම්බන්ධව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිසංවිධාන සහ ගෝවීන් දැනුවත් කර ඇති බවත් මහජන පරීක්ෂකවරුන්  මඟින් අදාළ ප්‍රතිකාරද ලබා දී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මහජන පරීක්ෂකවරුන් මාර්ගයෙන් ලබා දී ඇති ප්‍රතිකාර නිසි ආකාරව භාවිතා නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897977
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19114240
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15273323
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15190444
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15064185
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'