Logo

දේශිය පැණි බීම ව්‍යාපාරිකයන්ට දුන්න සහන ගැන GMOA කණස්සල්ල



පැණි බීම හා පලතුරු බීම කර්මාන්තයේ නියැලෙන දේශීය ව්‍යාපාරිකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා සීනි ප්‍රතිශතය මත අය කරන ලද බදු සඳහා සහන ලබා දීමට එකඟතාවය පළ වීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කණස්සල්ල පළ කර තිබේ.

පැණි බීම කර්මාන්තය සඳහා බදු සහන හා දිරි ගැන්වීම් ලබා දි කල යුතු ප්‍රමුඛ කාර්ය වන්නේ සීනි මට්ටම අවම ප්‍රතිශතයක තබා ගනිමින් තම නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වන තාක්ෂණය දියුණු කර ගැනීම සඳහා වන තාක්ෂණය දියුණු කර ගැනීම සඳහා ඒ අයට අවස්ථාව ලබ දීමක් වන බව ද එම සංගමය පවසයි.

අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමය මේ බව කියා සිටියේය.

පැණී බීම කර්මාන්තය සඳහා බදු සහන ලබා දීම තුළින් රට තුළ බෝ නොවන රෝග වසංගත තත්ත්වය තිව්‍ර කිරීමට වන බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

1980 අංක 26 දරණ ආහාර පනත යටතේ 2016/05/03 දිනැති ගැසට් නිවේදනය හරහා නව රෙගුලාසි පැනවීමක් සිදු වු බව ද ඔවුන් සඳහන් කරයි.

මේ හරහා ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය අනුව වර්ණ කේත ක්‍රමයක් හඳුන්වා  දෙනු ලැබීය.

විශේෂයෙන් පැණී බීම හා පලතුරු බීම සඳහා මෙම රෙගුලාසි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිම ආරම්භ වු බව ද එම සංගමය පවසයි.

රට තුළ දියවැඩියාව ප්‍රධාන කොටගත් බෝ නොවන වසංගත තත්ත්වයෙන් ව්‍යප්ත වෙමින් පැවති පසුබිමක සෞඛ්‍ය අමාතාත්‍යාංශයේ තාක්ෂණීක මඟ පෙන්වීම යටතේ සිදු වු මෙම ක්‍රියාවලියට රෙගුලාසි පැනවීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇගයීමට ලක්වන බව ද ඔවුන් පවසයි.

මෛ රෙගුලාසි පැනවීමට සමගාමීව පැණි බීම අඩංගු සීනි ප්‍රමාණය අනුව විශේෂිත වු බද්දක් පැනවීම සිදු කර ඇත.

ඒ අනුව පැණි බීම/පලතුරු බීම වර්ගයක් මිලිලීටර 100 ක් තුළ අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණය ඉහළ යෑම අදාළ නිෂ්පාදකයා විසින් ගෙවිය යුතු බදු මුදලද ඉහළ ගොස් තිබිණි.

මේ හරහා පලතුරු බීම හා පැණි බීම නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන තුළ අඩංගු සීනි ප්‍රමාණයන් අවම මට්ටමක තබා ගැනීමට දිරි ගැන්වීමක් සිදු වු බව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විශේෂයෙන් පාසල් ළමුන් ඇතුළු ජනතාව දියවැඩියා රෝගය මෙලෙස වසංගතයක් ලෙස ව්‍යාප්ත වීම සඳහා මෙම අධික සීනි අඩංගු ආහාර පරිභෝජනය ඍජු ලෙස බලපාන බවද ඒ අනුව මේ සඳහා බදු අය කිරීම සාධනීය පියවරක් ලෙස ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් පසුගිය දා ගනු ලැබු මෙම බදු සහන ප්‍රතිපත්තිය තුළ මතු විය හැකි සෞඛ්‍යමය ගැටළු පිළිබඳව දැනුවත් කරමින් සහ මෙවන් තීන්දු ගැනීමේ දී නිසි තාක්ෂණික සමාලෝචනයක් අවශ්‍ය බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41727
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 92275
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 126473
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 241690
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 870184
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17627679
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16850872
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13989040
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13930361
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13814863
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'