Logo

මහ මැතිවරණයකින් අහිමිවන්නේ කාගේ අයිතිවාසිකම්ද?-පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි



පවතින තත්ත්වය මත මහමැතිවරණයක් පැවැත්වීමෙන් කිසිවෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමක් නොවන බව එළිය සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

කොළඹ අද(04) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාවේ ඇත්තේ ලිඛිත අරමුණු කිසිදු තැනක සඳහන් කර නොමැති බවත්, 19 වන සංශෝධනය ගෙන ඒමේ ප්‍රධාන අරමුණු කිහිපයක් ඇති බව ද උන්වහන්සේ පැවසීය‍.

ඉන් මුලික කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා 3 වතාවක් ජනාධිපතිධූරයට ඉල්ලීමට නොහැකි වාතාවරණයක් සැකසීම බවද සඳහන් කළ උන්වහනසේ  නාමල් රාජපක්ෂ,ගෝඨාභය හා බැසිල් යන අයට ජනාධිපතිවරණයට ඉල්ලීමට අවස්ථාව අහිමි කිරීම මෙහි අනෙක් අභිප්‍රායන් වෙන බව ද සඳහන් කරයි.

කෙසේ වෙතත් රටේ ජනතාවගේ ඉල්ලීම මැතිවරණයක් බවත්, එය ලබා දීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ද උන්වහන්සේ සඳහන් කරයි.

මේ අතර පැවිදි හඩ සංවිධානය නියෝජනය කරන ස්වාමීන් වහන්සේ කිහිප නමක් අද පෙරවරුවේ කොළඹ පිහිටි ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත වැඩම කර එහි සභාපතිවරයාට ලිපියක් භාර දුන්නේ උන්වහන්සේලා දියත් කරන සමාජ සත්කාර සඳහා අවශ්‍ය ආධාර ලබාදෙන්නැයි සඳහන් කරමින්.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41692
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 92189
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 126407
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 241244
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 869149
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17626975
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16850049
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13988242
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13929592
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13813957
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'