Logo

2018 ප්‍රංශයේ කෑන් නුවර ILTM සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ දී ලෝක සුඛෝපභෝගී සංචාරක වෙළඳාමේ පෙර නොවූ සාර්ථකත්වයක් ශ්‍රී ලංකාව අත්කර ගනී



ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ (International Luxury Travel Market),එහි කීර්තිමත්භාවයට සරිලන පරිදි පසුගිය සතියේ, 2018 දෙසැම්බර් මස 3 වන දින සිට 6 දක්වා කෑන් නුවර Palais des Festivalsහී දී මහජනයා සඳහා විවෘත කරන ලදී.Palais des Festivals යනු ලෝක ප්‍රසිද්ධ කෑන් සිනමා උළෙලේ වඩාත් ප්‍රචලිතම ස්ථානය යි.රටවල් 101කින් ප්‍රදර්ශකයන් 1880ක් සහභාගී වූ ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ මෙවර පැවැත්වුනේ 17වැනි වරට වන අතර එය මෙතෙක් පැවති විශාලත ම ILTM ප්‍රදර්ශනය විය. පෙර වර්ෂ හා සැසදීමේ දී එය 8.5%ක වර්ධනයක් විය. පිළිගත් සුඛෝපභෝගී සංචාරක කර්තෘවරුන් හා බලපෑම්කරුවන් 200කට අධික සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වූ අතර, සහභාගී වූවන් 5000 අතුරින් 650ක් ම ප්‍රථම වරට සහභාගී වූ අය වූහ.

මේ වසරේදී ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) දෙවන වරටත් මෙම සංචාරක ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළේ ශ්‍රී ලංකාව සඳහා වෙන් වූ කලාපයෙහි සමාරම්භය එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති බුද්ධි කේ. අතාවුද මහතා, යුරෝපය හා ආසියාව සඳහාසංචාරක වෙළඳ ප්‍රදර්ශන සංවිධායක හැරී ෆොවුල්ස් හා ඩේවිඩ් ටොඩ් යන මහත්වරුන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සාරන්ගී තිලකසේන මෙනවිය, ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තෙවන කොන්සියුලර් ලේකම් දමිත හේවාවික්‍රම මහතා හා වෙළඳ නියෝජිතයන් රැසකගේ අනුග්‍රහය ඇතුව සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා තම සහයෝගය පළ කරමින් තානාපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීම කාලෝචිත පියවරක් බව ය.

වෙළඳ කුටියේ සෑම අංගයක්ම සුඛෝපභෝගීත්වය ද ඇතුළුව ගමනාන්තයේ කීර්තිය හා ආකර්ෂණීයත්වය පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා කලාපය සැලසුම් කොට තිබුණි. සෑම සමාගමක් සඳහා ම වෙන්කෙරුණු, ඒවායේ ලක්ෂණ පිළිඹිබු කරන තනි පසු ආලෝකන පනෙල්වලින් සමන්විත වූ කුටි ලබා දීම මගින් සහභාගී වූවන් සඳහා විශේෂ අවධානය ලබාදීම කෙරෙහි මූලිකත්වය දෙනු ලැබීය.ව්‍යාපාර හමුවීම්වල දී පැමිණ සිටි සෑම අයෙකුට ම ඔවුන්ගේ භාවිතය උදෙසා අන්තර්ජාල පහසුකම් හා ප්‍රවර්ධන සන්නම් ද්‍රව්‍ය ලබා දෙන ලදී. ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ වෙළඳ ප්‍රදර්ශනය පුරාවට ම ලංකා තේ අලෙවිසැල විසින් නැවුම් තේ පිරිනමන ලදී.

ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළෙහි කළමණාකරණ ක්‍රියාවලිය විසින් සෑම ප්‍රදර්ශකයකු හා ගැනුම්කරුවකු හට ම ඔවුන්ගේ පෞද්ගලික හමුවීම් ලැයිස්තුවක් ලබා දෙනු ලබයි. එය ප්‍රදර්ශනයට පෙර තහවුරු කරගන්නා ලද ඔවුන්ගේ හා ප්‍රදර්ශකයන්ගේ ඉල්ලීම්වල සංකලනයක් වේ. පෙර සූදානම් කරගන්නා ලද අන්‍යෝන්‍ය වශයෙන් ගැළපෙන හමුවීම්වලින් පසු, දළ වශයෙන් පැයකට හමුවීම් 3ක් වශයෙන් එකක සිට අනෙකට මාරු වීම සඳහා ලබා දෙන මිනිත්තු 5ක විවේක කාලයකින් වෙන් කරන ලද මිනිත්තු 15 හමුවීම් සඳහන් කරන ලද නියමිත කාලසටහනක්  සෑම ප්‍රදර්ශකයෙකු හට ම හිමි වේ. ගැනුම්කරුවන් හා ප්‍රදර්ශකයන් තෝරාගැනීමේ දී හා අමුත්තන්ගේ හා ප්‍රදර්ශකයන්ගේ කාලසටහන කළමණාකරණය කිරීමේ දීදැඩි ක්‍රියා පිළිවෙළක් අනුගමනය කරන අතර එය අමුත්තන්ගේ අභිමතයන් හා සමගාමී ව සිදු කීරීම, ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය හා ගුණාත්මකබව තහවුරු කරයි. ශ්‍රී ලංකාවෙන් ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ ප්‍රධාන වෙළඳ සහභාගීන් අතරට අනන්තර නිවාඩු නිකේතනය, ජෙට්වින්ග් හෝටල් සමූහය, Antiquities, Abercrombie and Kent, Mosvold සංචාරක බංගලාව, තීම් නිවාඩු නිකේතනය හා සම්භාහන මධ්‍යස්ථානය, වත්තුර නිවාඩු නිකේතනය, AuthenticitiesNKARසංචාරකයෝ, Tour Blue, Whittall Boustead ආදිය අයත් වූ අතර ප්‍රදර්ශනය අතරතුර ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවවන්ට ගැළපෙන බොහෝ ගැනුම්කරුවන් හමුවීමට එම ආයතනවලට හැකියාව ලැබුණි.

ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සංචාරක නියෝජිතයින්හට සුඛෝපභෝගී සංචාරක ප්‍රජාව හමුවිය. එම සාකච්ඡා අනාගතයේ දී ඉහළ මට්ටමේ සම්බන්ධතාවයන්තහවුරු කරමින් ශ්‍රී ලංකාව උදෙසා සුඛෝපභෝගී සංචාරක අංශයේනව ප්‍රචාරණ මාවතක් විවර කොට ඇත.

ප්‍රසිද්ධ සංචාරක වෙළඳ සඟරාවක් වන La Quotidienneහි සංස්කාරක ෆ්‍රෙඩරික් ද පොලිග්නි විසින් ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපතිවරයා සමග මාධ්‍ය සාකඡ්ඡාවක් පවත්වන ලදී. එම ලිපිය La Quotidienneසඟරාවේ පළකොට ඇති අතර එය සංචාරක වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ සැබෑ ප්‍රතිරූපයක් පෙන්වා දෙන හෙයින් ව්‍යාපාරික පාර්ශ්වකරුවන් විසින් ඉමහත් ලෙස අගය කිරීමට ලක් කොට ඇත.

සුඛෝපභෝගී ශ්‍රී ලාංකික නිෂ්පාදන අංශ සඳහා ව්‍යාපාරික අවස්ථා රැසක් නිර්මාණය කරදුන් ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයෙහි සාර්ථකත්වය අධාරයෙන් සුඛෝපභෝගී සංචාරක අංශයක් වෙනුවෙන් ඉලක්ක කරන ලද ප්‍රවර්ධනව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය අපේක්ෂා කරයි.

බුද්ධි අතාවුද, ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති ශ්‍රී ලංකා වෙළඳ කුටිය විවෘත කරමින්

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19639279
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18859156
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15017402
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14932919
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14806152
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'