Logo
2019 අගොස්තු මස 23 වැනි සිකුරාදා

සිංහයන්ට අන්ත පරාජයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති අවසන් ටෙස්ට් තරගය ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(30) සමත් වුණි.

ඒ අනුව තරග 1 ට 0 ක් ලෙස තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් වුනේ නවසීලන්තයයි.

පරාජයෙන් ගැලවීමේ සටනක නිරතවු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 6ක් දැවි ලකුණු 231ක් රැස් කරගෙන සිටි අතර ජයග්‍රහණය සඳහා කඩුළු 4ක් අතැතිව තවත් ලකුණු 429ක් රැස් කරගත යුතුය තිබුණි.

අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස සුරංග ලක්මාල් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින්ය.

ඉන්පසු පිටියට පිවිසි පිතිකරුවන්ටත් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට නොහැකි වු අතර අද දිනයට තරගය ආරම්භ වී විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා පිලේ ඉතිරි කඩුළු 2ත් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකි වුණි.

අබාධයකට ලක්වීම නිසා ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නොමැත.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පළමු ඉනිම සියලු දෙනා දැවි ලකුණු 178ක් ලෙස සටහන් වු අතර පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කරගත හැකි වුයේ ලකුණු 104ක් පමණයි.

සිය දෙවන ඉනිමේ දී නවසීලන්තය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසිසේ පහර එල්ල කරමින් කඩුළු 4ක් දැවි ලකුණු 585ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ලංකාවට ලබා දුන්නේය.

ඒ අනුව ලකුණු 660ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවි රැස් කරගත්තේ ලකුණු 236ක් පමණක් බැවින් නවසිලන්තයට දෙවන ටෙස්ට් තරගයේ ජය හිමි වුණි.

මෙම වසර තුලදී නවසීලන්ත කන්ඩායම අඛන්ඩව ජය ගත්  සිව්වන ටෙස්ට් තරගාවලිය මෙය වීම විශේෂත්වයකි.

ඒ අනුව 2018 වසර සාර්ථකව නිම කිරීමට නවසීලන්ත කණ්ඩායමට අවස්ථාව උදාවු අතර ශ්‍රී ලංකා කණ්ඩායම අඛන්ඩව පරාජයට පත් වු දෙවන ටෙස්ට් තරගාවලිය මෙයයි.

දෙරට අතර එක්දින තරගාවලිය එළඹෙන ජනවාරි 3 වැනිදා ආරම්භ වන අතර එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙවීමේ වගකීම ලසිත් මාලිංගට හිමිව තිබේ.

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'