Logo

සඳේ අල වවන චීනයේ මෙහෙයුම



අද මානව අභ්‍යාවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් විය.

ඒ පළමුවරට මිනිසුන් රහිත රොබෝ අභ්‍යවකාශ යානාවක් සඳේ අඳුරු පැතිකඩ ,නැතිනම් පෘථිවියට නොපෙනෙන ප්‍රදේශය මතට සාර්ථකව ගොඩබැස්වීමෙනි.

2018 දෙසැම්බර් 08 වැනිදා 'චැන්ඊ ෆෝ' සඳ ගවේෂණ යානාව පිටත් වූයේ චීනයේ සිචුවාන් පළාතේ ෂීචෑන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙනි.

සඳේ පෘථිවියට නොපෙනෙන පැත්ත ගවේෂණය කරන්න පිටත් වූ මේ යානාව අද සඳේ අඳුරු පැතිකඩ මතට ගොඩබැස්වීය.

මේ අයුරින් යානාවක් සඳේ අඳුරු පැතිකඩ ස්පර්ශ කළේ පළමුවරට සඳ මත මිනිස් පා සටහන තබා වසර 50 ක පමණ කාලයකට පසුවය.

සඳ තමා වටා එක් වටයක් භ්‍රමණය වීමට දින 27 ක කාලයක් ගත කරන අතර එය පෘථිවිය වටා පරිභ්‍රමණය වීමටද ආසන්න වශයෙන් දින 27 ක කාලයක් ගත කරයි.

මේ හේතුවෙන් පෘථිවියට සැමවිටම දිස්වන්නේ සඳේ එක් පැතිකඩක් පමණයි.

එබැවින් මෙතෙක් කල් අභ්‍යාවකාශ යානා ගොඩබස්වනු ලැබුවේද සඳේ පෘථිවියට දිස් වන ප්‍රදේශය මත පමණයි.

ඒ අනුව සඳේ අඳුරු පැතිකඩ ගවේෂණය සඳහා චීනය පළමුවරට යානාවක් පිටත්කර යවන ලද අතර එය 'චැන්ඊ ෆෝ' ලෙස නම් කර තිබුණි.

'චැන්ඊ' යනු සඳට අධිපති දේවතාවිය හැඳින්වීම සඳහා චීනයේ භාවිත කෙරෙන නාමයයි.

ඒ අනුව අද ඒ යානය සඳේ අඳුරු පැතිකඩ මත ගොඩබස්වනු ලැබුවේ මානව අභ්‍යාවකාශ ඉතිහාසයේ අලුත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

සඳේ දක්ෂිණ ධ්‍රවයේ පිහිටි එයිට්කන් නිම්නය වෙත ගොඩබැස්වූ මේ යානය එහි භූ විද්‍යාත්මක පිහිටීම සහ ජීවය පවතින්නේද යන්න පිළිබද අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ඇති උපකරණද සහිතයි. 

එම පර්යේෂණ සඳහා අර්තාපල් බීජ සහ ඇරබිඩොප්සීස් බීජ සහිත කිලෝ 3ක් බරින් යුතු අසුරනයක් සහ පටපණු බිත්තරද යානාව මගින් සඳවෙත ගෙන ගොස් තිබේ.

සඳ මත ගොඩබැස්වූ ස්ථානයේ සිට සේයාරුවක්  සෘජුව සන්නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් නොමැති වුවත් දියුණු තාක්ෂණික උපාංග භාවිතයෙන් ගෙන්වාගනු ලැබූ එහි  ප්‍රථම සේයාරුව මෙය වෙයි.

'චැන්ඊ ෆෝ' යානාව වසරක කාලයක් පුරා සඳේ අඳුරු පැතිකඩ මත මෙහෙයුම් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව සඳ පිළිබඳ අප නොදත් තවත් බොහෝ දේ 'චැන්ඊ ෆෝ' හෙට දවසේදී අනාවරණ කරනු ඇති.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 161993
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 263102
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 316507
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 488527
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1367454
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19083508
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18290273
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14473308
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14393251
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14288623
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'