Logo

නීතිවිරෝධී මත්පැන් තිබුණොත් වගකීම OIC හා SSPට – මත්ද්‍රව්‍ය මැඩලන්න ජනපති දැඩි තීන්දුවක් ගනී



ග‍්‍රාමීය දරිද්‍රතාවය ඉහළයාමට මූලික හේතුවක් වී ඇති නීති විරෝධී මත්පැන් සහමුලින්ම තුරන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේ දී කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තම බල ප‍්‍රදේශය තුළ නීතිවිරෝධී මත් පැන් තිබුණහොත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවට නව චක‍්‍රලේඛයක් ලබන සතියේ දී නිකුත් කරන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අඩු ආදායම්ලාභී ජනතාවට ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරිම වෙනුවෙන් අද (09) පස්වරුවේ පොළොන්නරුව නව නගරයේ වාරිමාර්ග කී‍්‍රඩාංගණයේ දී පැවති වැඩසටහන අමතමිනි.

යහපත් පවුල් ජීවිතයක්, යහපත් සමාජයක් මෙන්ම දැයේ දරුවන්ගේ අනාගතය ද අඳුරු කර දමන නීති විරෝධී මත්පැන්වලට එරෙහි වැඩපිළිවෙළ ද රටේත්, දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් තම ධූර කාලයේ දී සාර්ථක කර ගන්නා බව ප‍්‍රකාශ කළේය.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895883
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111912
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15270116
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15187196
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15061163
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'