Logo

මධූෂ් ඇතුළු පිරිස ගෙන්වා ගැනීමට කළ යහපාලන සාකච්ඡා අසාර්ථකයි



ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (10) එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

මධූෂ් ඇතුළු 31 දෙනෙකු අද දිනයේ මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය 05 වැනිදා අලුයම ඩුබායිහි සුපිරි හෝටලයක සංවිධානය කර තිබූ සාදයක් අතර තුර මොවුන් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේය.

එම සාදයට සහභාගීවූවන් සතුව කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේ දී මාකඳුරේ මධූෂ් මෙන්ම මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සහ කලාකරුවන් ඇතුළු 39 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විය.

මේ අතර අත්අඩංගුවට ගත් පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න පිළිබඳ සිදුකළ රුධිර සාම්පල පරික්ෂණවලදී ඉන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වන්නේයය.

අත්අඩංගුවටගත් පිරිස අතර සිටි පුද්ගලයින් අට දෙනෙකුගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය  නොමැති බවට අනාවරණයවීම හේතුවෙන් ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව සදහන්.

එම අට දෙනා අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා මෙන්ම මාකදුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ වන ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි සාමාජික කළු තුෂාරගේ බිරිඳ ද වන බව වාර්තා වේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හා භාවිතය යන චෝදනා මත සෙසු 31 දෙනා ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන බව සදහන්.

එරට නීතියට අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර තුනත් හතත් අතර සිර දඞුවමක් හිමිවන බව වාර්තා වන්නේය.

 කෙසේවෙතත් අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා මෙතෙක් සාර්ථක වී නොමැති බව ආරක්ෂක අංශ අනාවරණය කළේය.
 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897631
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19113790
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15272950
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15190042
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15063820
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'