Logo

ආණ්ඩුව ගෙනියන්න බැරි නම් මැතිවරණයක් තියන්න



වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට නොහැකි නම් වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයෙන් යළි ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට ඉඩ ලබානොදෙන බවයි.

බේරුවල ජනතා විමුක්ති පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය ආකාරයෙන් මැතිවරණ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති බවයි 

ඒසේම බහුතරයක් නොමැතිව වත්මන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ ලබානොදෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කළේය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897631
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19113787
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15272918
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15190017
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15063799
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'