Logo
2019 අගොස්තු මස 19 වැනි සඳුදා

මහින්ද අදත් ඉන්දීය සම්මේලනයේ



ඉන්දියාවේ, බැංගලෝර්හිදි පැවැත්වෙන ද හින්දු පුවත්පත සංවිධාන කරන සමුළුවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අනාගත සම්බන්ධතාවයන් මැයෙන් සමාරම්භක දේශනය අද(10) දෙවන දිනටත් පැවැත්විය.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නාබිදු මහතාය.

"ද හින්දු " පුවත්පත් සංවිධානය කළ සමුළුවේ දෙවන දිනය ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නාබිදු මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පැවැත්විය.

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම එක්ව සිටියහ.

දේශනයෙන් පසුව ඉන්දීය උප ජනාධිපතිවරයා සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සුහද කථා බහක ද නිරත වී තිබේ.

මේ අතර ඊයේ දියේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කර්නාටක ප‍්‍රාන්තයේ නියෝජ්‍ය ප‍්‍රධාන අමාත්‍ය ආචාර්ය ජී පරමේෂ්වර මහතා හමුවී සාකච්ජා කර තිබේ.

එසේම ඒ මහතා ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය එච්.ඩී දේව්ගව්ඩා මහතා සමගද සාකච්ඡා කර තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'