Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

වෙරළට ආ අභිරහස් දැල්ලන් තොගය



අබිරහස් අයුරින් මියගිය දැල්ලන් දහස් ගණනක් වෙරළ වෙත ගසා ගෙන ඒමේ ප්‍රවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා විය.

අධික සාගර දූෂණය හේතුවෙන් මෙසේ එම සත්ත්වයන් මිය යන්නට ඇතැයි පැවසෙයි.

සිදුවීම වාර්තා වන්නේ චිලී හි බහීර් ඉන්ග්ලේසා වෙරළබඩ ප්‍රදේශයෙන්.

මෙම ප්‍රෙද්ශය සුප්‍රකට සංචාරක මධ්‍යස්ථානයක්ද වන අතර මින් පෙර එම කලාපයෙන් මෙවන් සිදුවීම් වාර්තා වී නොමැති බවත් එහි ජනතාව පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බලධාරීන් මත්ස්‍යයන් සහ මත්ස්‍යයන් ආශ්‍රිත ආහාර අනුභවයෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම සිදුවීමත් සමග එම ප්‍රෙද්ශය ආශ්‍රිත ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවීමේ අවදානමක්ද මතුව ඇති බව බලධාරීන් පවසයි.

සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ට අමතරව ධීවර කර්මාන්තය ආශ්‍රිතව ජීවිකාව සපයාගන්නන් එම ප්‍රෙද්ශයේ බහුලයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'