Logo

අයින්ස්ටයින් පරාදකල ලංකාවේ දැරිය



බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියක් සමත් වූවා.

චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන "Child Genius" වැඩසටහනේදී එසේ සම්මාන ලැබූ ඇය #නිශී_උග්ගල්ලය.

විද්යාඥ ඇල්බට් අයින්ස්ටයින් සහ මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ගේ IQ මට්ටම වූ 160 ඉක්මවා 162ක් ලබාගැනීමට සමත් වූ ඇය
ලොව පැරණිම සහ විශාලතම උසස් බුද්ධිඵලයක් (highst IQ) හිමි පුද්ගලයන්ගේ සංගමය වන "MENSA" හි සාමාජිකත්වය ලැබීමට සමත්වූ ලොව ලාබාලතම පුද්ගලයා බවට ද පත්ව තිබෙනවා.

දැරියන් ගණිතය සහ භෞතික විද්‍යාව වැනි විෂයයන් ඉගෙන ගැනීමට එතරම් දක්ෂ නොවන බවට පවතින සම්මතය තමන් මේ තරගයට එක්වීමට එක් ප්‍රධාන හේතුවක් යයි සම්මානය දිනා ගත් අවස්ථාවේ ඇය කළ සඳහන ද බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවල ප්‍රබල අවධානයට ලක්ව තිබුණා.

ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ නිශී උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, පිරිමි දරුවන් හා සමානව දැරියන්ට ද ඒ සියල්ල කළ හැකි බව අවධාරණය කිරීමට තමන්ට අවශ්‍ය වූ බවය.....

 



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20124558
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19378928
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15539331
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15420517
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15325455
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'