Logo

කොළඹින් ඩෙංගු අධි අවදානම් කලාප 21 ක්

ඩෙංගු අධි අවදානම් කලාප 21 ක් කොළඹ නගරයේ හඳුනා ගෙන ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.

පසුගිය දින තුන පුරා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් පොලීසිය සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ද සහය ඇතිව එම කලාප ආශ්‍රිතව ක්‍රියාත්මක විය. එහිදී නිවාස 53,533 ක් පරීක්ෂාවට ලක් වු අතර මදුරුවන් බෝවන පරිදි පවත්වාගෙන ගිය නිවාස හිමියන් 908 දෙනෙකුට එරෙහිව නඩු පවරා අැත.

මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 15,184ක් වන අතර මේ හේතුවෙන් පුද්ගලයින් 45 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

වසරේ ගත වූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 5648 ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2368 දෙනෙකුත් කළුතර දිස්ත්‍රික්කයෙන් 1022 කු ද වාර්තා වී අැත.

මෙම මස ගත වූ දින කිහිපය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2357 ක් වන අතර ඉන් ඩෙංගු රෝගීන් 868 දෙනෙකුම වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසා සිටියේ බස්නාහිර පළාත තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තාවෙමින් පවතින බවය.මහජනතාව පවසනුයේ කොළඹ නගරයේ ප්‍රධාන ඇළ මාර්ග අපවිත්‍ර වීම හේතුවෙන් ඒ හරහා ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානමක් අැතිව අැති බවය.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12065885
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12076228
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9562346
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9465981
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9291399
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'