Logo

දියමන්ති කොල්ලයට සම්බන්ධ පැඟිරිවත්තේ සුද්දාත් කොටුවෙයි



පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමින් යුතු දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙල්කඳ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 40ක් වූ අංක 35/15, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයේ පදිංචි වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැඟිරිවත්තේ සුද්දා නැමැති අයෙක් බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගත් කරුණු අනුව මෙම දියමන්තිය හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය පිළියන්දල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරු හෙට (14) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19715148
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18929092
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15052838
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14967087
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14837276
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'