Logo

විල්පත්තුව කපනවා සිරිසේනට පේන්නැද්ද-එජාපයෙන්ම චෝදනා



 

විල්පත්තුවේ කැලෑව අක්කර ගණනක් කපා දමනවා නොදුටු ජනාධිපතිවරයා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් සඳහා කඳු කපනවාට සිය විරුද්ධත්වය පළ කරන බව හේෂා විතානගේ මන්ත්‍රීවරයා පවසයි.

අද(13) පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂය අතර තුර පැවති සාකච්ඡා වාරය අතරතුරදීය 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

"මම මේ වෙලාවේ දී කියන්න අවශ්‍යයි, ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරලා තිබෙනවා කඳු නොකපා අධිවේගය හඳන හැටි කීවත් නුවර මහත්තයයි කොළඹ මහත්තයයි දෙදෙනාමට මෙය කරන්න දුන්නේ නැහැ කියලා. 

ගමම හිතන්නේ කොළඹ මහත්තයා කියන්නේ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නුවර මහත්තයා කියලා කිරිඇල්ල ඇමති තුමාට කියන්න ඇත්තේ.

හැබැයි මම එක දෙයක් කියනවා කඳු නොකපා මේ අධිවේගී මාර්ගය හඳන්න පුළුවන්නම් හොඳයි. 

එතුමාට ඒ ප්‍රාර්ථනය තිඛෙන්නේ එතුමා පරිසර අමත්‍යවරයා වශයෙන් සිටින බැවින් වෙන්න ඇති.

එතුමාට මම මතක් කරලා දෙනවා අර විල්පත්තුවේ කැලෑ අක්කර ගණන් කපනවා.

අවුරුදු ගණනක් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගහනවා. උමා ඔය ව්‍යාපෘතිය ගෙනල්ලා ජන ජීවිතයට විශාල වශයෙන් හානි කරලා තිබෙනවා.  

ඒ ගැන වචනයක් කියන් නැති ජනාධිපතිවරයා කුහකකමින් මේ ව්‍යාපෘතිය යන කොට අර කිරිඇල්ල ඇමති තුමාට එල්ල එල්ල ගහන්න ඕනැ කමට තියන කුහකකමින් අද කිරිඇල්ල ඇමතිතුමාටයි ගරු අග්‍රාමාත්‍ය තුමාටයි ඇඟිල්ල දික්කරනවා.

මේ පාර මෙතන තිබෙන්නේ දේශ ප්‍රේමීත්වයක් නෙමෙයි. 

නැවත ජනාධිපති වීමේ හීනය වෙනුවෙන් මේ රටේ ඕනෑම පාවා දීමක් කරනවා කියන හැඟීමත් එක්ක සෙල්ලම් කරන්නේ."

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19715155
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18929139
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15053484
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14967087
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14837314
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'