Logo

ඛේමාගේ කොලුවගෙ දෙකේ පන්තියේ සිහින අයවැය වගේ එකක් උපන්තේකට අහලා නෑ-ප්‍රසන්න



ඕනෑ තරම් අයවැය ලේඛන දැක ඇති නමුත් ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය වැනි දෙකේ පන්තියේ අයවැය ලේඛනයක් උපන්තේකට දැක නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් දැනුවත් කිරීමේ හමුවකට මිනුවන්ගොඩ දී සහභාගී වෙමිනි. මන්ත්‍රීවරය එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

පසුගිය 05 වැනි දා මේ ආණ්ඩුවේ අන්තිම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපිත් ඕනෑ තරම් අයවැය දැකලා, අහලා තියෙනවා. බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා විදියට මමත් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ වතාවේ පාර්ලිමේතුවට ඉදිරිපත් වෙච්ච ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය වගේ අයවැයක් අපි උපන්තේකට අහලා නැහැ.

අයවැය කියන එකේ තේරුමවත් නොදන්න දෙකේ පන්තියේ අවයැවයක් තමයි මේ වතාවේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ජනතාවට මේ අයවැයෙන් ලැබුණු කිසිම සහනයක් නැහැ. බදු වැඩි කරලා මිනිස්සු නොමරා මරපු අයවැයක් තමයි මංගල ඉදිරිපත් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදලා දීපු අයවැය පාර්ලිමේන්තුවේ දී කියවපු එක තමයි මංගල කළේ.

ගත්තු ණය ගෙවා ගන්න බැරිව වහ බොන්න වෙලා ඉන්න මිනිස්සුන්ට තවත් ණය දෙන්න මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. අලුතෙන් බැඳපු ජෝඩුවලට රුපියල් කෝටියක් දක්වා නිවාස ණය දෙනවා කියලා මංගල කියනවා. හැබැයි ඒවට මුදල් වෙන් කරලා නැහැ. ඛේමාගේ කොලුවාගේ අයවැයෙන් කරලා තියෙන්නේ මිනිස්සු රවට්ටන එක විතරයි.

මිනිස්සු දැන් මේ ආණ්ඩුවේ බොරුවලට රැවටෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා ඉවරයි. මිනිස්සු බලන් ඉන්නේ ඡන්දයක් එනකම්. ඒක දන්න නිසා ආණ්ඩුව ඡන්ද තියෙන්නේ නැහැ. පළාත් සභා මැතිවරණය තියන එක අවුරුදු දෙකක් තිස්සේ මඟහරිනවා. හැබැයි කොච්චර ඡන්ද කල්දැම්මත් ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි කියන එකත් අපි මතක් කරන්න ඕනේ.

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20124752
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19379144
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15539577
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15420879
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15325672
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'