Logo
2019 අගොස්තු මස 24 වැනි සෙනසුරාදා

රත්ගම කැළඹූ ඝාතනයේ තවත් පොළිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට



රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ අඩවි වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරුන් 02 කු ඇතුළු නිලධාරීන් 07 දෙනෙකු  සහ වලස්මුල්ල රක්ෂිතයේ අඩවි වන නිලධාරියා අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සදහන්.

අද (18) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදුකළ දැනුම්දිමකට අනුව ඔවුන් එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'