Logo
2019 ජූලි මස 16 වැනි අඟහරුවාදා

වැස්ස ඉල්ලා දෙවියන් යදින විදුලි ඉංජිනේරුවෝ



ජල විදුලි අර්බුදය විසඳීම සඳහා පවතින වියළි කාලගුණය නිමා කරමින් වැසි ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී මේ වන විටත් පැන් පූජාවක් පැවැත්වෙයි.
    
ජල විදුලි බලාගාර වලට ජලය සැපයෙන ප්‍රධාන ජලාශ 12න් ලබා ගත් පැන් අද (28) පස්වරුවේ අනුරාධපුරයේ ගල්කුලම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයට රැගෙනවිත් එහි සිට රිය පෙරහැරකින් රුවන්වැලි සෑය වෙත රැගෙන එනු ලැබුවේය.

අනතුරුව රුවන්වැලි සෑය අභියසදී ආරම්භ වූ අධිෂ්ඨාන පූජාව මේ වන විටත් පැවැත්වෙනු ලබයි.

මේ අතර උද්ගතව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'