Logo
2019 ජූලි මස 16 වැනි අඟහරුවාදා

කන්ජි පානී ඉම්රාන්ව මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර



ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබා දී තිබේ.

එම කොට්ඨාශයේ නිළධාරීන් විසින් ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (30) දහවල් ඉදිරිපත් කළේය.

එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කන්ජිපානි ඉම්රාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මාකඳුරේ මදුෂ් සමඟ සිටියදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කන්ජිපානි ඉම්රාන් එරටින් පිටුවහල් කළ අතර පසුගිය 28 වනදා ඔහු ඇතුළු සිව් දෙනෙකු දිවයිනට පැමිණියේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කළේය.

 අනතුරුව කන්ජිපානි ඉම්රාන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදෙනු ලැබුවේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'