Logo

සිරිසේන රතන හිමි එක්වෙයි



වසවිස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. 

''නොකමු වසවිස රකිමු මව්බිම'' තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අද සිට දින 03 ක් පුරා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

වසවිස නැති ජාතික පොළ සහ  ප්‍රදර්ශනයේ අරමුණ වසවිසෙන් තොර රටක් හා තිරසර සංවර්ධන යුගයකට මුලපිරීමයි.

අත්කම් උපකරණ හා සැරසිලි නිෂ්පාදන ඇතුළත් සිය ගණනක ප්‍රදර්ශන කුටි, වෛද්‍ය සායන, පොත් ප්‍රදර්ශන, විශේෂ විද්වත් කතිකාවන් ඇතුළත් අංග රැසකින් ප්‍රදර්ශනය සමන්විතය.
 
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක්වෙමින් කාර්ය මණ්ඩල සමඟ සුහද කථා බහක නිරත විය.

නිරෝගිමත් ජනතාවක් - වසවිස නැති රටක් ගොඩනැඟීම සඳහා වූ ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී  සිදු කෙරිණි. 

ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895594
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111709
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15269550
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15186515
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15060552
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'