Logo
2019 ජූලි මස 16 වැනි අඟහරුවාදා

රාජ්‍ය සේවයේ වසරකට දූෂණ සිද්ධීන් 5000 වාර්තා වෙනවා



රාජ්‍ය සේවයේ වසරකට දූෂණ සිද්ධීන් පන්දහසක් පමණ වාර්තා වන බව විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා පවසයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මාන ප්‍රදානෝත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සෑම වසරකම  දූෂණ ගැන සේවීමක් සිදු කළහොත් රටේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න හැකියාවක් පවතින බවද ඒ මහතා එහිදි ප්‍රකාශ කළෞය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ සුදු කරපටි වංචා වැඩි වී ඇති බවත් බැඳුම්කර සිද්ධියේ වාර්තාව හැදුවේ තමන් බැවින් වැදගත් යැයි සිතන් සිටින මහබැංකුවේ නිලධාරින් රාජකාරි සිදු කළ ආකාරය සම්බන්ධයෙන් වටහා ගත හැකි බවත් ඒමහතා එහිදි පැවසීය.

රාජකාරිය අවංකව ඉටු නොකිරිම මෙම වංචා වලට හේතුව වි ඇති බවද ඒ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන්ද වෝහාරික විගණනයක් සිදු කරන බවයි.
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'