Logo

කොටින්ගේ බල බිඳ එක්සත් රාජධානිය එළියකල හැටි



එක්සත් රාජධානියේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ එළිය විද්වත් කතිකාවට LTTE ඩයස් පෝරාව සහ ඊට සහය දක්වන ශ්‍රී ලංකා රජයේ ඇතැම් කණ්ඩායම්වල කරදර බාදක මැද අතිසාර්ථකව පැවැත්වීමට එක්සත් රාජධානියේ එකාබද්ධ පොදුජන පෙරමුණට හැකි විය.

මීට මාස 3කට ඉහතදී සංවිධායක මණ්ඩලය විසින් වෙන්කර ගනුලැබූ කිංන්බරි උසස් පාසැල් රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුනද මාර්තු 30 වන දින උදයේ LTTE ඩයස් පෝරාවේ බලපෑමට බියේ එම රංග ශාලාව අහෝසි කරන ලදි.

අනතුරැව යුහුසුලව ක්‍රියාත්මක වූ සංවිධායක මණ්ඩලය හංස්ලෝ නගරයේ ඉම්පීරියා ශාලාවේදී එළිය විද්වත් කතිකාව පැවැත්වීමට කටයුතු කරනු ලැබුවේය.

31 වන දින එම කටයුතු කරගැනීමට ඉඩනොදී LTEE ඩයස් පෝරාව උද්ඝෝෂයක් පවත්වමින් එම ස්ථානයට ලඟාවන ජනතාව ආපසු හරවා යැවීමට කටයුතු කරනු ලැබුවේය. 

නමුත් එක්සත් රාජධානියේ එළිය සංවිධායක මණ්ඩලය ඒකාබද්ධ පොදුජන පෙරමුණු සංවිධායකයින් එම සියලු බාදධ මැද විද්වත් කතිකයින් ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස ශාලාවට කැඳවා ගෙනගොස් එළිය විද්වත් කතිකාව අතිසාර්ථකව ලන්ඩන් නගරයේදී නිමා කරනු ලැබුවේය.

එළිය වැඩසටහන ජාත්‍යන්තරයට ගෙනයමින් පැවැත්වූ පළමු වැඩසටහන ඊයේ (31) එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වුණි. 

ලන්ඩන් නුවර වෙසෙන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට එළිය සංවිධානය නියෝජනය කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ හා ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සහභාගි වුණි.  

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895618
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111743
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15269614
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15186619
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15060624
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'