Logo

ජන ජය සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට



ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව විසින් ඉදිකරන ලද, ජන ජය සිටි, සුපිරි වෙළෙඳ සංකීර්ණය අද (01) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතිනි. 

මහල් 10කින් යුත් සියලූ පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබෙන මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2000කි. 

සමරු ඵලකය නිරාවරණය කර සුපිරි වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 

මේ අතර මහරගම ආසනයේ පිහිටි විද්‍යාල හතරක ගොඩනැඟිලි සහ කි‍්‍රඩා සංකීර්ණයක් සහිත කි‍්‍රඩාපිටිය විවෘත කිරීම ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු විය. 

මහරගම ජනාධිපති විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය, කොට්ටාව ධර්මපාල සහ කෝට්ටේ මාදිවෙල පිහිටි ලංකාවේ ප‍්‍රථම සුහුරු පාසල යන විද්‍යාලවල නව ගොඩනැඟිලි අද මෙලෙස ජනාධිපතිරවයා අතින් සිසු අයිතියට පැවරිණි.

එමෙන්ම කෝට්ටේ මිරිහානේ ඉදිකරන ලද කී‍්‍රඩාගාරය සහිත කී‍්‍රඩාංගණය ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිවරයා අතිනි. 

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතාගේ මැදිහත්වීමෙන් බස්නාහිර පළාත් මුල්‍ය ප‍්‍රතිපාදන වැය කරමින් මෙම  ඉදිකිරීම් සිදු කොට තිබේ.
 
අද පෙරවරුවේ ප‍්‍රථමයෙන් මහරගම ජනාධිපති විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා විද්‍යාලයේ අලූතින් ඉදිකෙරුණු අංගසම්පූර්ණ නව ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරා දෙනු ලැබීය. 

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගැනුණු අතර සමරු ඵලකය නිරාවරණය කර ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

ජනාධිපතිවරයා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි. 

අනතුරුව මහරගම මධ්‍ය මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා, හොඳම දේ දරුවන්ටයි, සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභා මුල්‍ය ප‍්‍රතිපාදන මත විද්‍යාලයේ ඉදිකෙරුණු අංගසම්පූර්ණ ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරා දුන්නේ ය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය වෙතයි. 

සමරු ඵලකය නිරාවණය කර එම විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් ද ඉදිකර තිබෙන අංග සම්පූර්ණ ශ‍්‍රවණාගාරය ජනාධිපතිතුමා විසින් සිසු අයිතියට පවරාදෙනු ලැබීය.

ප‍්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන ප‍්‍රදේශයේ ඉදිකෙරුණු කි‍්‍රඩාගාරයක් සහිත අංගසම්පූර්ණ කි‍්‍රඩාංගණයක් වන, ඉසුර දේවපි‍්‍රය කි‍්‍රඩාංගණය, ඉන් අනතුරුව ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි. 

කෝට්ටේ මාදිවෙල ශ‍්‍රී රාහුල මහා විද්‍යාලය මෙරට පළමු සුහුරු පාසල බවට පත් කිරීමට බස්නාහිර පළාත් සභාව පියවර ගෙන තිබෙන අතර, එම පාසල ,ඉසුර විද්‍යාලය කෝට්ටේ, ලෙස නම් කර සුහුරු පන්තිකාමර සහිත පාසල් සිව්මහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895505
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111627
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15269356
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15186308
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15060349
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'