Logo
2019 ජූලි මස 24 වැනි බදාදා

යළි ජාතික ආණ්ඩු පිස්සු කතාවක්-මහින්ද



යළිත් ජාතික ආණ්ඩු පිළිබඳ කථා කිරීමේ කිසිදු ඵලක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ 'වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය' නැරඹීමේ අවස්ථාවට එක්වෙමින්ය.

වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද(01) තෙවන දිනටත් පැවැත්වෙන අතර ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්වුණි. 

මෙවර ප්‍රදර්ශනයේ තේමාව වුයේ " නොකමු වස විස රකිමු මව්බිම " යන්නයි.

මෙහිදි විපක්ෂ නායකවරයා වෙත ජාතික ප්‍රතිපත්තිය පිළිගැන්විම පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයනේ සිදුකෙරුණි. 

ප්‍රදර්ශනය සදහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ටී.වී.දෙරණයි.
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'