Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

සන්රයිසස් පරදා චෙන්නායි සුපර් කිංග්ස් පිලට ජය



ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් වුණි.

චෙන්නායි පිල ලැබු එම ජයත් සමඟ අයී පි එල් ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් පළමු ස්ථානයට පත්වීමට එම කණ්ඩායමට හැකි වීම විශේෂත්වයකි.

චෙන්නායි නුවරදී ඊයේ (23) තරගය පැවැත්වුනේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස්  කණ්ඩායම අතරය.

එම තරගයේ කාසියේ වාසිය දිනු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවි ලකුණු 175ක් රැස් කරගත්තේය.

සන්රයිසස් පිල වෙනුවෙන් මනීෂ් පාන්ඩ්‍යා පන්දු 49කදී ලකුණු 83ක් රැස් කළේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත්ය.

ඩේවිඩ් වෝනර් පන්දු 45කදී ලකුණු 57ක් රැස් කළේය.

ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් පිල පන්දුවාර 19 යි පන්දු 5කදී කඩුළු 4ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.

ෂේන් වොට්සන් පන්දු 53කදී ලකුණු 96ක් රැස් කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟිනි.

සුරේෂ් රයිනා ලකුණු 38කි.

ඒ අනුව තරගයේ ජය චෙන්නායි සුපර් කිංග්ස් පිල හිමි කරගත්තේය.

ඊයේ දිනයේ දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා පසුබෑමකට ලක් වු චෙන්නායි පිල මේ ජයත් සමඟ නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'