Logo

සිංහ හමුදාවකට අණදෙන්න ඔටුවෙකුට බෑ-ෆොනීගෙන් යළිත් දැවැන්ත ප්‍රහාරයක්



රටේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය ප්‍රාද්ශීය මහලේකම් කාර්යාලයේදී අද(13) පැවති වැඩසටහනකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටේ පවතින ත්‍රස්ත උවඳුර මැඬලීමට විදෙස් හමුදා මෙරටට ගෙන්වීම අනවශ්‍ය කරුණක් බවයි.

මෙවැනි විශාල බෝම්බ ප්‍රහාර එල්ල වී සුමාන දෙකකින් හෝ තුනකින් යථා තත්ත්වයට පැමිණෙයි කියා කවුරුන් හෝ සිතනවා නම් එසේ සිතන්නේ මනස විකෘති වු අය බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙය විශාල සංවිධානයක් බවත් එය මැඩලීම සඳහා ක්‍රමානුකූලව වැඩ කරන්නේ නම් වසර 2ක පමණ ඉලක්කයක් යැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළ ෆොන්සේකා මහතා, පසුගිය යුද්ධය ද අවසන් කිරීමට වසර 2 යි මාස 9ක් ගතවු බව සඳහන් කළේය.

විදේශ හමුදා මෙරටට පැමිණ ප්‍රයෝජනයක් නොමැති බවත් ,ISIS ප්‍රශ්නයේ දී ලෝකයේ ඕනෑම රටකින් ගත හැකි වුවත් අපේ තියෙන වෙඩි බලය හොඳටම ප්‍රමාණවත් බවත් පැවසු ෆොන්සේකා මහතා, එය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මොළයක් අවශ්‍ය බවත් “සිංහ හමුදාවකට අණ දෙන්න ඔටුවෙක් දැමුවොත් ඒ හමුදාව යුද්ධයෙන් පරාදයි“ යනුවෙන් ද පැවසුවේය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20099972
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19348169
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15508752
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15395934
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15294270
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'