Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

මරාගෙන මැරෙන බෝම්බකරු සමඟ වෑන් රථය මිලට ගැනීමට පැමිණි පුද්ගලයා සොයන්න මහජන සහාය



ඉකුත්දා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරු එම ස්ථානයට පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බවට පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

එම වෑන් රථයේ ලියාපදිංචි හිමිකරු වන්නේ කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මෙහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයකි.

මෙම වෑන් රථය කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා ගොස් තිබුණේ වෑන් රථය තුළ ද බෝම්බ සහිතවයි.

ඒ අදාළ වෑන් රථය වන්නේ WP-PJ 4080 දරණ වෑන් රථය පසුව අප්‍රේල් මස 22 දින පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සමඟ නවතා තිබුණු වෑන් රථය ඉතා ආරක්ෂාකාරී ලෙස පුපුරුවා හැරීමට කටයුතු කළේය.

මෙම වෑන් රථය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කළ බවත් එහිදී මෙය කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු සමඟ මෙම වෑන් රථය මිලට ගැනීමට හා රථයේ ආසන සකස් කර ගැනීමට තවත් පුද්ගලයෙක් සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ තැනැත්තා පිළිබඳ විමර්ශන සිදු කරන බවත්, එම තැනැත්තා දැක ඇති සාක්ෂිකරුවන් සිව් දෙනෙක් හමුවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ සාක්ෂිකරුවන් පොදුවේ පවසන පරිදි මෙම සැකකරු වයස අවුරුදු 35-40ත් අතර වන කෙට්ටු සිරුරක් ඇති, උස අඩි 5 අඟල් 6ක් පමණ වු මුහුණ පුරා රැවුල ඇති තලෙළු පුද්ගලයෙකි.

සාක්ෂි අනුව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශය විසින් එක් එක් විස්තර අනුව චිත්‍ර 4ක් ඇඳ තිබේ.

ඒ අනුව චිත්‍ර 4ම පහතින් දැක්වෙයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන මෙන් පොලීසිය ඉල්ලා සිටී.

දුරකථන අංක - 0112422176 හෝ 0112392900 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'