Logo
2019 ජූලි මස 18 වැනි බ්‍රහස්පතින්දා

මාලි නැවතත් අයිපීඑල් වීරත්වයට



ලොව සිටින විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ලසිත් මාලිංග විසින් යවන ලද අවසන් පන්දු වාරය හේතුවෙන් ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ශූරතාවය දිනා ගැනීමට ඔහු නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට හැකිවින.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරදවමින් මුම්බායි ඉන්දියන්ස් පිල මෙවර ශූරතාවය දිනාගනු ලැබීය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් රැස් කරන ලදී.

පිලිතුරු ඉනිම ක‍්‍රීඩා කල චෙන්නායි සුපර් කිංග්ස් පිලට අවසාන පන්දු ඔ්වරයේදී ලකුණු 09ක් ලබා ගත යුතු වුවද එම ඔ්වරය යවන ලද ලසිත් මාලිංග ලබා දුන්නේ ලකුණු 07ක් පමණි.

තරගයෙන් පසු මුම්බායි ක‍්‍රීඩකයන් විසින් මාලිංග කරේ තබාගෙන පිටිය වටා ගෙන යනු ලැබීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'