Logo
2019 නොවැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා

“අවෛරයේ හෝරාව“ මාතරින් ඇරඹෙයි



සියලු ජාතීන් ඒකරාශී කරගනිමින් නව ශ්‍රී ලංකාවක් කරා යන ගමන මාතරින් ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතර පැවති සාමකාමී විරෝධතාවකට අද(10) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතීන් අතර වෛරය, ආගම්වාදය සහ ජාතිවාදය වැපිරීමට විරෝධය පළ කරමින් ''අවෛරයේ හෝරාව'' නමින් සංවිධාන කළ සාමකාමී විරෝධතාවක් මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී අද පස්වරුවේ පැවැත්වුණි.

ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද සහභාගී වූ අතර අමාත්‍යවරයාට එහිදී ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'