Logo
2019 ඔක්තෝම්බර් මස 14 වැනි සඳුදා

වත්මන් ආරක්‍ෂක ලේකම්ටත් ආරක්‍ෂාව ගැන අවබෝධයක් නෑ..- ෆොන්සේකා



 ත්‍රස්තවාදය 99%ක් අවසන් කර ඇතැයි ආරක්‍ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා පාර්ලිමේන්තු තෙරීම් කාරක සභාවේදී පැවසුවද එය පිලිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ ත‍්‍රස්තවාදය අවසන් කලේ නම් මෑතකදී සෞදියේ සිට ත‍්‍රස්තවාදීන් 05 දෙනෙකු අල්ලාගෙන එන්තේත් මහනුවරින් මරාගෙන මැරෙන පුහුණුව ලද ත‍්‍රස්තවාදීන් අල්ලා ගන්නේත් කෙසේදැයි ඔහු ප‍්‍රශ්ණ කරයි.

ආරක්ෂාව පිලිබදව අවබෝධයක් නැති අය විසින් එවන් ප්‍රකාශ කලත් ත්‍රස්තවාදය එසේ අවසන් කල නොහැකි යයි ඔහු තව දුරටත් කීවේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කැලණිය ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

දේශපාලඥයන් කියන කතාවලට නොරැවටී සිහි කල්පනාවෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'